(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් සංවිධානය කෙරෙන එම මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා පක්ෂයේ සියලු සංවිධායකයන් ගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
රවී කරුණානායක මහතා මේ බව කීවෙි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.
ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු රට මේ වන විට නිවැරදි මාවතට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත් විදෙස් සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය වී එහි වාසිය ජනතාව වෙත ලැබී තිබෙන බවත් කරුණානායක මහතා සඳහන් කළේය.
එම සාර්ථකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙන බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනිවාර්යයෙන් හිමිවනු ඇති බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා අපේ මහ බැංකු ගොඩක් කාලයකට පසු... එදා මෙයාට මතක නැහැ... දන්නේ නැහැ. දැන් මෙයාට සේරම මතකයි..
මේ හලෝ ඔය බොරු කියවන්නේ නැතිව, අර එපාර්ට්මන්ට් එකට ගෙවන්නේ නැතිව වංචා කරපු සල්ලි ගෙවලා ඉන්න. කොම්පඤ්ඤ වීදියේ, පොලිසියේ හිටපු රාලහාමි මස්සිනාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කරපු හැටි මටත් කියලා දෙනවද? කාලයක් හැංගිලා ඉඳලා "පිනා" ජනාධිපති හොරෙන් බලය ගත්තාට පස්සේ මොවුන් ඔක්කෝම එළියට ඇවිල්ලා. පුළුවන්නම් ඡන්දෙන් දිනපල්ලා. මුළු කොළඹින්ම 15000 ගන්නේ නැහැ. ඔබලාව මිනිස්සුන්ට අප්පිරියයි.
මෙයාගේ කතාව නිකන් ආසන 150 දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වා වගේ. බයියෝ නොහිටින්න ඉන්නේ හිරේ.
එජාප මහබැංකු හොරුන් සමග නිරුවතින් සිටින දවස් අදය.
නිදහස් චතුරශ්‍රයේ පවත්වන රැළියකින් පක්ෂයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ප්‍රමාණවත් පිරිසක් නැහැ කියලා පේන්න පුළුවන් හරිම වේදනාවක් ඇතිවෙනවා. එහෙම වෙන්න හේතුවක් වුනේ ඇයි කිව්වොත් එජාපය සඳහා දරදිය ඇදපු අපිට කිසිම සෙතක්, ශාන්තියක් එජාපය බලය ගත් 2001 /2015 කාලවලදී සිදුවුණේ නැහැ. නොකා නොබී පක්ෂය වෙනුවෙන් මහන්සි වුණත් අපිට ඇතිවූ සෙතක් නැහැ. උදාහරණයක් හැටියට යහපාලනය ආරම්භ වූ 2015 ආණ්ඩුව යටතේ මහින්දට උපරිමයෙන් වැඩකළ අයට /අයගේ දරුවන්ට රැකියා දුන්නා. මෙහෙම වීමේ ප්‍රතිඵල අවුරුදු 75 ක් රටේ ප්‍රබලම පක්ෂය වූ එජාපය කුජීතම වෙන්න හේතුවක් වුණා මේවා කියන්නේ නොකා නොබී පක්ෂය වෙනුවෙන් කටයුතු කළ අපිට තියෙන දරාගන්න බැරි වේදනාවක් කියලා මතක් කරන්න ඕනෑ... සමහර විට මේ අදහස පක්ෂය සඳහා කැළලක් කියලා ප්‍රසිද්ධ නොකරාවි. (1970-77) කාලයේ සිරිමාවෝ මැතිණිය තමන්ගේ සාමාජිකයින් සඳහා සහන සලසා ඇතිකළ අසමජ්ජාති හිතවතුන්ට පත්වීම්/උසස්වීම් හා වෙනත් වරප්‍රසාද දීම රටේ පරිහානියට හේතුවක් කියලා කරන්න පුළුවන් මේ නිසා දේශපාලුවන්ගේ තුන්ඩුවට වරප්‍රසාද දීම හා රැකියා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහනම් කරන්න ඕනෑ.
මෙයා ආයිත් එන්න වගේ...
එතැනත් ඉඩ වැඩියි නේද?
එක්සත් ජාතික පක්ෂය අතීතයේ රටට සේවයක් කරපු පක්ෂයක් හොඳ නායකයෝ 1970 මුල් කාලය දක්වා හිටියා. දැන් හොරුන්ට, තක්කඩියන්ට ගිය පක්ෂයක් වෙලා. දැන් ආපහු ගොඩගන්න පුළුවන්ද?
මිනිස්සු 5000 ක් විතර දාන්න පුළුවන්... ඒකත් බැරි වුණොත් ලැජ්ජයි...!