(සුජිත් හේවාජුලිගේ )
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටිති.
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය ක කෙරුණේ පසුගිය මස 26 වැනිදාය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබිණ.
මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කයිවාරු එපා. මේ යුක්තිය ඉටුවන ආකාරයද?
නරිවාදම් රෙද්ද අස්සෙන් බේරෙනවා කියන්නේ ඕකට තමයි.
වෙච්චි විදියට මේ උත්තරය තමයි අපි බලාපොරොත්තු වුනේ...!
දැන් නම් යමක් හිතෙනවා..
ත්‍රස්තවාදීන්ට සල්ලි දෙන්න සම්බන්ධ වුණ කෙනාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන මිනිස්සු තමයි මෝඩයෝ...
මිනීමරපු මිනීමරුවන්ගෙන් මීට වැඩිය සාධාරණ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. නිකමට හරි දේශපාලුවෙක් හෝ ඔවුන්ගේ වරිගයේ කෙනෙක් මැරුවෝතින් දවස් දෙකකින් කොහොම හරි මිනී මරුවන් අල්ලාගන්න පුළුවන් වෙන සිද්ධාලේප තෙන්නකෝන්ගේ පොලිසියට ඔය මිනීමැරීම කරපු අය අල්ලගන්න බැරි ඇයි කියලා මේ රටේ මිනිස්සු නම් හොඳටම දන්නවා. හිරගෙවල් ඇතුලේ තපින්න ඕන අය රටකරවන තැන්වල උන්නාම මෙහෙම දේවල් තමයි වෙන්නේ...!
කෝ මහ බැංකු හොරා... පැනලා ගිය මනුස්සයා තාම ඇල්ලුවේ නැහැ. මොකද ඒ ගැන කතා නැත්තේ? අපේ මීඩියාවල අයත් කාගෙන්වත් ඒක අහන්නේ නෑනේ...
අර රක්‍ෂණ සමාගමේ සභාපතිතුමා සියදිවි හානිකර ගත්තා වාගේ පෙන්නපු විදිහට, බැරිද මේකත් වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමක් ලෙස වහලා දාන්න, එතකොට ඔක්කොම හරිනේ...!