(යොහාන් භාසුර)
කොළඹ මරදාන සිට බෙලිඅත්ත බලා පස්වරු 2.30 ට ධාවනය වීමට නියමිතව තිබූ ‘ගාලූ කුමාරී’ දුම්රිය අත්තිරිංග දෝෂයක් තිබියදී සෙසු තිරිංග භාවිත කර ධාවනය කරන ලෙස බලධාරීන් දුන් උපදෙස් බැහැර කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ බව වාර්තා වේ.
මාලිගාවත්ත දුම්රිය අංගනයේදී එම දුම්රියේ අත්තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමට නොහැකි යැයි රියදුරුන් ප්‍රකාශ කළ බවත් සෙසු තිරිංග පද්ධතිය භාවිතා කර දුම්රිය ධාවනය කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (ගමනාගමන) දුන් උපදෙස් බැහැර කිරීමට රියදුරන් කටයුතු කළ බවත් දැනගන්නට තිබේ.
එම දුම්රිය ප්‍රමාද වීමෙන් මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථානවල සති අන්තයේ රාජකාරි නිමකර නිවෙස් බලා යාමට පැමිණි මගී ජනතාව විශාල වශයෙන් අපහාසුතාවයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මොවුන් බිමින් යන පයිලට්ලා කියා ලොකු හීනමානයකින් පෙලෙන පිරිසක්නේ. අනික මෙයාලා නටන්නෙත් එක්තරා පක්ෂයක පදේටනේ. ඒ අයට ඕනෑ කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවලා ආතල් එකක් අරගෙන එතැනින් එන මහජන අප්‍රසාදය රජයට හැරවීම... මොකද කරන්නේ මොවුන්ට පාඩමක් උගන්වන්න පුළුවන් කොන්ද පන ඇති බලධාරීන් නැති කොට...