(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී පැවැත්විණි.
විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත් විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ගිණුම්, විදුලිබල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්වය, ගිණුම්කරණයේ මූලධර්ම සහ ප්‍රමිතීන් අනුගමනය කිරීම, ස්වයංක්‍රීය ගිණුම්කරණය, 2024 වසර සඳහා පුරෝකථන, ඉන්ධන මිල සූත්‍රය සහ තෙල් සංස්ථාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී අවදානය යොමු කළ බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශ, විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ද එම සාකච්ඡාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීටර් බෲවර්ටත් කරන්ට් එක වදින්න ඇති... ඒ ෂෝක් එකෙන්ම එයාටත් ෂෙඩ් කිහිපයක් දෙන්න කිව්වද?
ආරංචියි... ආරංචියි ...! හොර පුතාලා ටිකගේ පාරාදීසයක් කියලා..
අපිට කිසිම බයක් නැහැ. අනුර කුමාර ජනාධිපති වුනාම ඔය ගිවිසුම ජනතාවට වාසිවෙන විදිහට වෙනස් කරනවලු.. රනිල්ට තමයි බැරි...!