(ගයාන් සූරියආරච්චි, කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36 ක පුද්ගලයෙකි.
මියගිය තරුණිය ඉකුත් (8) වැනිදා සිය මව සමග ගමන් කරමින්සිටියදී කරන්දෙණිය තල්ගහවත්ත, පාලම අසලදී ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වු බවකියන ඇගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සහ තවත් අයකු පිහියක් පෙන්වා ඇය බිය ගන්වා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් තිබූ බවද පොලීසිය කියයි.
මේ තරුණිය තමා සමග අනියම් ඇසුරක් පැවැත්වූ සහෝදරියගේ සැකකාර සැමියා තමාට අමානුෂිකව ලෙස පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව ඒ සදහා සිය මව සමග යමින් සිටියදී ඇය සැකකාර මස්සිනා විසින් මෙසේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් තරුණියගේ මව පැමිණිල්ලක් දමා තිබූ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තිරිසනුන් හිරේ ගියොත් වෙන්නේ මහජනතාවගේ සල්ලි වලින් උන්ට කන්න බොන්න දිදී නඩත්තු කිරීමයි. අපේ සමාජයේ ඉන්න අනෙකුත් මේවගේ තිරිසන්නුන්ටත් පාඩමක් උගන්වන්න නම් මෙයාටත් ආයුධ පෙන්වන්න ගිනියන්න. මුළු සමාජයම සතුටු වේවි .