(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල පොරවගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථාන ය අසල රක්ෂිතයේ පැතිර ගිය හදිසි ගින්න බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (12) පස්වරුවේ නිවාදැමීමට සමත් වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
මෙම ගින්න අද (12) සවස හටගෙන තිබූ අතර , පවතින වියලි දේශගුණික තත්ත්වය සහ තද සුලගත් සමඟ ගින්න සීග්‍රයෙන් පැතිර යමින් තිබූ අතර මේ අවස්ථාවේ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් ගිනිනිවිම් රථ යොදා ගනිමින් මහත්වෙහෙසක් දරා ගින්න නිවා දැමූ බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය .
බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව , පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු සිදු කල බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd