
(සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ දියතලාව ඩී කේ රත්න)
බණ්ඩාරවල පොරවගල ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයේ අද (12 ) විශාල ගින්නක් පැතිරීමෙන් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම ගින්න නිවීම සඳහා යුද හමුදා බට පිරිස් කැඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය.
බණ්ඩාරවෙල නගරය ආසන්න ප්‍රදේශයක මෙම පොරවගල ප්‍රසිද්ධ සංචාරක ධ්‍යස්ථානය පිහිටා තිබේ. රථ වාහන පිවිසීම අපහසු ස්ථානයක ඇති බැවින් ගිනි නිවන රථ මෙම ස්ථානයට ගමන් කිරීමට නොහැකි බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ගින්න කඩිනමින් මැඩ පැවැත්වීම සඳහා ප්‍රදේශවාසී සහාය අපේක්ෂා කරන බව ආපදා සහන සේවකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd