( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළද ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.
රිවොල්වර වර්ගයේ වෙඩි ප්‍රහාර හයක් එම පුද්ගලයා වෙත එල්ල කර ඇතත් ඉලක්කය වැරදි යාම හේතුවෙන් එම පුද්ගලයාගේ දිවි බේරී ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් සහ අසිත යන පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පවතින විරසකයක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මිනිස්සුන්ට "යුක්තිය "බලානි එක හරි මැදිහත්වෙලා ඉලක්කෙට වෙඩිතියන්න පුහුණුවක් නොදෙන්නේ. කොහෙවත් ඉන්න අහිංසකයොන්ට වෙඩි වැදිලා මැරෙනවා මේ පුරුදු නැති වෙදික්කාරයෝ නිසා. පාරේ යන්නත් බයයි. කොහෙන් වෙඩි වදීද දන්නේ නෑ.