
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට වඩාත් ආකර්ෂණීය මෙන්ම ගැළපෙන ආයෝජන අවස්ථා උදාකිරීම සඳහා වන ව්‍යාපෘති හදුනාගෙන, නව සුදුසු ආයොජන වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට ආරාධනා කිරීම සහ වැඩපිළිවලක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වන විට පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් සීග්‍ර සංවර්ධනයක් ලබා ඇති බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආයෝජනයක්, නව ව්‍යාපෘතියක් එන එකේ වරදක් නෑ. හැබැයි දේශීයව අයෝජන හවුල්කාරීත්වයක්වත් නැතුව රටේ අතිශය තීරණාත්මක අවශ්‍යතාවලට අදාල දේවල් ගෙඩිය පිටින්ම හරි කෑලි කරල හරි, අරක්ෂිත දැඩි නීතිරීති නොමැතිව දීගෙන ගිහිල්ල, එක්තරා වෙලාවක රටම දැනටත්වඩා බෙල්ල මුලින්ම හිරවෙන තැනකට මේ පාලකයො මේක ගෙනියන්ඩත් ඉඩ තියෙනව. අනෙක් අතට රට ඇතුලට බලපෑමක් කරන්ඩ අවශ්‍ය දිගුකාලීන සැලසුමක් ඇති ඕනම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව ආයෝජනයක් කර පින්නාගෙන රටට රිංගන්ඩත් පාරවල් දැන් හැදිල තියෙනව. තව පැත්තකින් ගත්තම, මේ දෙශපාලකයො ගසාකාපු සල්ලි, වෙන මිනිස්සුන්ගෙ කරපිටින් ආපහු අපිටම දෙනව (අපේ මාළු අපටම කවනව) වගේ දෙයක් වෙන්ඩත් පුළුවන්.
අද ව්‍යාපාර ලෝකයේ විදේශ දැනුම සහ මුදල් ආයෝජනය කරන ආයෝජකයින් නොමැතිව ඉදිරියට යන්න කිසිම රටකට බැහැ. නමුත් ගහන ඕනේම ගිවිසුමක් උපරිම අවුරුදු 5කට වලංගු විදිහට නීති සම්පාදනය කරන්න. අර අධානිට කළා වගේ විදුලි ඒකකය ඔහුගෙන් රුපියල් 50 බැගිනුත්, සුර්ය පැනල වහල මත සවිකළ දේශීය කුඩාපරිමාණ දේශීය නිෂ්පාදකයාගෙන් ඒකකය රුපියල් 16 බැගින් මිලදී ගැනීම වැනි අසාධාරණ වැඩ කරන්න එපා.. විදේශ ආයෝජකයාට සමාන මිලක් කුඩාපරිමාණ දේශීය නිෂ්පාදකයාට දෙන්න... සුර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන කොට හයිබ්‍රිඩ් ක්‍රමයට ඉඩ දීලා දේශීය නිෂ්පාදකයාගෙන් ඒකකය රුපියල් 18 බැගින් මිලදී අරන් එම ගෙවීම් දැන් කරනවා මෙන් වසර ගණන ප්‍රමාද නොකර මාස්පතා කරනවා නම්, සල්ලි තිබෙන බොහෝ දෙනෙක් මේක ආරම්භ කරාවී. එවැනි තත්වයකදී, වැඩිපුර ගෙවීම් කරලා විදුලිය අපට දෙන, විදේශ ආයෝජකයෝ අවශ්‍ය නැහැ...
විදේශ ආයෝජකයින්ට අපේ බලශක්ති සැපයුම යටත් කරනවට වඩා, අපේ කලු සල්ලි කාරයින්ට, ඒවගේම අර බදු නොගෙවන කෝටිපතියන්ට සහනයක් දීලා ඔවුන් ලවා ආයෝජනය කළා නම් නරකද?
මෙයාට කවුද බලයක් දුන්නේ මේවා කරන්න..