( ප්‍රදීප් කුමාර)

යාපනය වඩුක්කොට්ටේහීදී  තරුණයෙකු පැහැරගෙන ගොස් කපා කොටා ඝාතනය කිරීමේ සිදියකට අදාළ සැක කරුවන් 04 දෙනකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැක කරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ සැගව සිටියදී යාපනය පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය අරාලි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන වයස අවුරුදු 37,32,25හා 22 යන වයස් වල පුද්ගලයන් සිවු දෙනකු බව පොලිසිය සදහන් කරයි.

පසුගියදා බිරිය සමඟ ගමන් කරමින් සිටියදී මෙම තරුණයා යම් පිරිසක් පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර තිබියදී සිරුර සොයාගත්තේය.