
(යොහාන් භාසුර)
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපන් ක්‍රිකට් සංගමය අවබෝදතා ගොවිසුමකට අස්සන් තැබීය.
සහයෝගිතා, හුවමාරු කිරීම් සහ ශ්‍රී ලංකාව සතු ක්‍රිකට් විශේෂඥ දැනුම ප්‍රදානය කිරීම තුළින් ජපානයට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උපකාර කිරීම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජපනයේ ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් සහ භාරකරුවන් ජපානයට යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම් ජපානයේ ද, ජපානයේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ද, තරග සංචාර සඳහා සහභාගී වීම සහ ජපානයේ කණ්ඩායම්වලට මෙරටදී පුහුණුවීමේ අවස්ථාව දීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නඕකි ඇලෙක්ස් මියාජි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී එම අවබෝධතා ගිවිසුමට අස්සන් තැබූහ.
ශ්‍රී ලංකාවේ ජපන් නියෝජ්‍ය තානාපති කොටාරෝ කට්සුකි, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජපාන ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ජපාන ක්‍රිකට් සංවර්ධන සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිස් මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය කාලය නාස්ති කරන රටක් නෙවෙයි නේ...!
ක්‍රිකට් එක්කම හොරකමත් උගන්නන්න. මොකද, ජපනා ක්‍රිකට් දන්නේ චුට්ටක් වුණාට, හොරකම චුට්ටක්වත් දන්නේනෑ..
බෝඩ් එකට මරු පල්ලම...
මිත්‍රවරුණි, සංවේගයෙන් දැණුම් දෙනු ලබන්නේ ජපන්නු ක්‍රිකට් ගහලා අහවර බවයි.....