(රංජන් කස්තුරි )

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023)  ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද  (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට  (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.

සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා වන කැඳවීම් ලිපි මේ වන විටත් නිකුත් කර ඇති අතර කිසියම් අයදුම්කරුවෙකුට එම කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට  (www.moha.gov.lk) පිවිස ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවද ලේකම්වරයා කීය‍ෙ

සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී රැගෙන ආ යුතු ලේඛන පිළිබඳවද එම වෙබ් අඩවියේ සඳහන් කර ඇතැයි ද ප්‍රදීප්  යසරත්න මහතා සඳහන් කළේය.