(තුසිත කුමාර ද සිල්වා )


බේරුවල  ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවුබව බේරුවල පොලිසිය කියයි .
 
මෙසේ ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති තැනැත්තිය වයස අවුරුදු විසි හයක පමණ කාන්තාවක් බවට පෙනී යන බවද පොලිසිය කීය. එම කාන්තා මළසිරුර හදුනාගැනිමට මහජන  සහය අපෙක්ශා කරන බව බේරුවල පොලිසිය කියයි.