(අංජුල මහික වීරරත්න)
අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවී අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
උමාඔය පළමු වන අදියර සාර්ථක ලෙස අවසන් කර තිබෙන බවත් එමඟින් ඉඩම් අක්කර 20,000කට අලුතින් ජලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයෝ රටට බරක් කිව්වා නේද?
අටපාස් අය බහුකාර්ය සංවර්ධන නිලධාරින් වුනේ කොහොමද?
මැතිවරණත් ළඟ එන නිසා, වෙන විදිහක් මොලේට එන්නේ නැතිවම ඇති අලි වැට පරිස්සම් කරන්න...
බයියෝ වගයක් ගන්න වගෙයි. ඡන්දෙට ගුණ්ඩු !!! හැබැයි වෙන ආණ්ඩුවක් ආවොත් ඔය පත්වීම් අවලංගුයි. නෝනේ හොඳට මතක තියාගන්න. තවම මුත්තුවා ගැන ආරංචියක්වත් නැතිද?
පවිත්‍රා නෝනා එන්න ඉස්සර හිටපු බලධාරීන්ටත් අපි අනන්තවත් කියලා තියනවා අලි-මිනිස් ගැටුම විසඳන හොඳම කාර්යක්ෂම සහ දිගු කාලීන ක්‍රමය අලි කාණුව බව. වන ජීවිය ඒ ගැන හොඳින් දන්නවා. අපිත් ඒ ගැන අත් දැකීමෙන් දන්නවා. ඒත් ඒකේ කොමිස් නැති නිසා අපේ පාලකයෝ ඒකට කැමැති නෑ. වැරැද්ද එවැනි නරුමයින් බලයට පත්කරන අපේ අතේමයි.