(යොහාන් භාසුර)
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ සාකච්ඡාවකදී එසේ පැවසීය.
පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇතිවූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදු වූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක්ව ඇති බව කී අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් පමණ රජය ගෙවා දැමීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
ඒ අනුව ආකර්ෂනීය මුල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරි මාස හය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කිරීමට සැලසුම් කර ඇති බව බවත් එබැවින් එම මාස 6 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මුල්‍ය විනයක් සමාගම තුළ ඇති කර ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.
ඒ සඳහා පරිපාලනය සහ වෘත්තිය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බව කී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ නොවුනොත් 6,000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බව ද සඳහන් කළේය.
එම ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ වෘත්තිය සමිති සමාජිකයින් සමඟ පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිහමන් ඇමැති කෙනෙක් දැම්මොත් නම් ඊටත් කලින් යහපත් ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙයි සිරිපාල...!
ජීවිතේට ගොඩ යන්නේ නැහැ කියලා සියයට දාහක් ඔට්ටු අල්ලනවා. මේ ලබා දී ඇති ඩොලර් බිලියන භාගයකට වැඩි මුදලටත් අබ සරණයි. වහාම ජනාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළයුතු පලපුරුදු පුද්ගලයෙක් විදේශිකයෙකු පත් කරන්න... නැත්නම් මේ පතුල නැති බාල්දියට තවත් ඩොලර් නම් දාන්න එපා.
මාස 6 වෙද්දී ගෙදර... සෙකියුරිටි කුක්කෝ නැතිව ගෙදර අස්සටම වෙලා හන්චි පයිස් ගහගෙන ඉන්න තමයි වෙන්නේ. එළියට බැස්සොත් ගමේ ඉන්න පොඩි එකාගේ ඉඳලා කොස්සෙන් ගහනවා. හොරා කාපු සල්ලි හංගපු තැන්වලින් එළියට ගනීවි... අලුත් ආණ්ඩුවක් ආවාම. ලැහැස්ති වෙලා ඉන්නවා. ජම්පර් එකක් ගහගෙන කූඩුවට යන්න.
පන්දම් කාරයින් අයින් කරගන්න ඉස්සර වෙලා...