(ගයාන් සූරියආරච්චි, ජනත් ද සිල්වා සහ එම්.සුසිල් පියන්ත)

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් පිටිගල ගුරුවල ප්‍රදේශයේ දී අද (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු එතනම මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු සහ මාර්ගයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.

එම වෙඩි තැබීමෙන් පිටිගල හොරන්ගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක්‍ර මියගොස් ඇති අතර  වෙඩි වැදුණු අනෙක් පුද්ගලයයන් දෙදෙනා සහකාන්තාව ගල්ළිද ප්‍ර දේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු ඇල්පිටිය මුලික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.