(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි 80 හැවිරිදි මිත්තණියක් මියගිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි බඩල් මුහන්දිරම්ලාගේ නන්දාවතී (80) සිව් දරු මවකි.
මියගිය වයෝවෘද්ධ කාන්තාව නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී නිවසේ සිට වෙළඳසැලට දිව යමින් සිටිදී අතින් එම ස්ථානයෙන් ඉවත් කරමින් දිව ගොස් ඇති අතර එහිදී ඇය බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එහිදී වහා ක්‍රියාත්මක වූ ඇයගේ දියණියන් තුවාල ලද කාන්තාව කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
දහතුන් හැවිරිදි මුණුපුරා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම හිතාමතා තල්ලු කිරීමක්ද නැතහොත් අහම්බයකින් සිදුවූවක්ද යන්න පිළිබදව ප්‍රශ්න කර බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකෙකු නිරපරාදේ මිනීමරුවෙක් කරන්න එපා. අවු 13ක පොඩ්ඩෙක් ආච්චිට ආදරය කරනවා විනා වෛර කරන්නේ නෑ නේද?
පොලිසියට මේක තමයි මිනී මැරුමක් විදිහට ලොකුවට පෙනිලා සුටුස් ගාලා අත්අඩංගුවට ගන්නේ, බාල බෙහෙත් ගෙන්නලා මිනී මරපු කෙනාට විරුද්ධව පැමිණිලි සියදහස් ගණනක් දාලා තව උද්ඝෝෂණත් කරන්න ඕනෑ පොලිසියට අත්අඩංගුවට ගන්න. නල්ල මලේ ලංකාවේ පොලීසිය.