IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි,ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ, රුවන්වැල්ල පාර, ලිහිණියාගොල්ල ඇළ අසලදී පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ පෙරදොරපේ කල්හාර දිල්ෂාන් නැමති අංක 32, කුඩාපොකුණ, කාෂ්‍යපපුර, අරලගංවිල පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු ඉකුත් .10 දින හම්බේගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබිණි .

අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇතැයි ද සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරු මරණයට පත්වී ඇතැයි ද මූලික පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත.

අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරියක ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (18)

මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට

Ruwan Tuesday, 12 March 2024 07:10 AM

තෙන්නකෝන්ගේ තිරපිටපතක්!

:       0       0

Perera Tuesday, 12 March 2024 07:14 AM

මෙහෙම අයට ඉතින් නඩුව අහ අහා කල් අරින්නේ නැතිව මෙහෙම දඬුවම් දෙන එක හොඳයි...

:       0       0

Ratne Tuesday, 12 March 2024 07:20 AM

නීතිය අතටගත් සිරි ලංකා පොලීසිය..!

:       0       0

Indhika Tuesday, 12 March 2024 08:18 AM

ඒ කියන්නේ හාමුදුරුවන්ව මරලා තියෙන්නේ ලොකු තැනක කෙනෙක්...

:       0       0

චන්දන Tuesday, 12 March 2024 08:38 AM

ගුඩ් නිවුස් !

:       0       0

ලුම්බිණි Tuesday, 12 March 2024 08:57 AM

හැමදාම එකම කතාව කියන්න එපා අනේ. එපා වෙනවා. ටිකක් වෙනස් කරලා කියන්නකෝ...!

:       0       0

රංබොඩ Tuesday, 12 March 2024 10:26 AM

අපරාධ කරුට ඔය පව් පළදෙන්න ගත්තා විතරයි. දැන් නිරයේ ඇති.

:       0       0

Nimal Tuesday, 12 March 2024 10:46 AM

හිතේ දුකක් නැහැ...

:       0       0

sam Tuesday, 12 March 2024 11:59 AM

ඒවගේ අපරාධකාරීන් මාරුවට කමක් නැහැ .උන්ට කන්න බොන්න දිදී තියාගෙන ඉන්න ගියහමත් වදයක්නෙ .ඒක හින්දා මොන ක්‍රමයට හරි එලෝ ඇරිය එක හොඳයි .ආයුධ පෙන්නන්න ගිහිල්ලා වගේ .ඒකට කමක් නෑ

:       0       0

Gayantha wickramasinghe(LL.B) Tuesday, 12 March 2024 01:38 PM

මේ රටක අපරාද අඩුවෙන්න අපරාද කරුවන්ට කිරි පොව පොවා බැහැ. මතකනේ ප්‍රභාකරන්ට 30 අරුදක් කිරි පෙව්වා. විජවීර ටත් එහෙම. අපරාද කරුන්ගේ බෂවෙන්ම ඔඋන්ට උත්තර දෙන්න ඕනි. මේ රටේ අරුරුදු 2ක් එල්ලලා මරණ එක ක්‍රියාත්මක කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන්වත් ඕක තේරුම් ගනිල්ලා.

:       37       57

Pradeep Tuesday, 12 March 2024 04:30 PM

එල්.එල්.බී එක රෝල් කරල අහවල් තැන ඔබා ගත්ත නම් තමයි හොඳ..ලසන්තලට එහෙම කිරි පොවපු හැටි මිනිස්සු දන්නව.අන්න ඒකට මේ රටේ මිනිස්සු මීට ඉදිරියට ඉඩ තියන්නෙ නෑ.

:       0       0

කිරි සප්පයා Tuesday, 12 March 2024 04:32 PM

හා හා කවුරු ගැන මතක් කලත් විජේවීර කරපු මිනීමැරුම් ගැන මතක් කරන්න එපා. මාලිමාවෙන් අපට කියල තියෙන්නේ ඒ අතීතය මතක් කරන්නෙපා කියල. මීට කිරි සප්පයා

:       0       0

Dasa PTuesday, 12 March 2024 05:16 PM

ඔය කියන හැටියට රටකට නීතියක් ,අධිකරණයක් අවශ්‍ය නැහැ අළුගෝසු පොලිසියක් තිබුනා නම් ඇති.අපරාධ කාරයා පැත්තක ඉන්නකොට අහිංසකයෙක්ව අහු උනොත් අබ සරණයි

:       0       0

රාජේශ් ඛන්නාWednesday, 13 March 2024 05:59 AM

තමනට හිතවත් ඇත්ත ම මිනිමරුවාව බේරගන්න මෙවැනි දේ සිදුවන්න ඉඩකඩ නැති ද ?. දෙපාවලටත් ඇවිදින්න පමණක් හැකිවන පරිදි ක්‍රමවත් දම්වැල් මාන්චුවක් යොදාගන්න හැකියාව තිබෙද්දී ද මේ.... නඩුත් නැතිව සිද්ධිය අවසන් ද? අධිකරණයෙන් නිවැරදිව හඳුනාගත් මිනීමරුවා කෝ?. මාකඳුරේ මධුෂ් ට ත් ඇත්තටම මොකද වුනේ .? ඉල්ලන සැබෑ සිස්ටම් චේන්ජ් එකද මේ.

:       0       0

P.D Goonawardene Tuesday, 12 March 2024 01:55 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නාහුය.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 12 March 2024 03:27 PM

සම හරක්ට හිතෙන ඒවා අදාල නැහැ, රටක් යයි පිලිගන්න අවශ්‍ය පොදු සාධක කිහිපයක් තියෙනවා, එයින් එකක් තමයි අනන්‍යවු නීති පද්ධතියක් තිබීම. දැන් මේ බිම් කඩේ එහෙම නොවෙයි, පුළුවන් එකාට එක නීතියක් නැතිබැරි එකාට වෙනම නීතියක්, යාලු මිත්‍රයින් ට එක නීතියක් හතුරන්ට තව නීතියක් ක්‍රියාත්මක වෙන අමන රටක් වෙලා ඒවට ආවඩන දුර්ජන යන්ගේ ඔජ වැඩිම්ද බලාගෙන ඉන්න වෙලා.

:       0       1

නිහාල් Tuesday, 12 March 2024 07:17 PM

එකම පිටපත බලන්න එපා වෙනවා.තාම නැනේ හරියට කතාවක් ගොතාගන්න එකෙක්.

:       0       0

චන්දිම Tuesday, 12 March 2024 11:47 PM

මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර අපරාධ විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී අපරාධ පිටුපස සමහර දේශපාලකයන් ඉන්නවා. ඔවුන්ට නොයෙකුත් අකාරයෙන් මෙලෙස කොටුවන අපරාධ කරුවන් සමග සබදතා තියෙනවා. මේ වෙඩික්කරුවන්, මාකඳුරේ මදුෂ් වගේ අය මේ විදියට මැරෙනකොට ඔවුන් සතු බොහෝ රහස් සැඟවිලා යනවා. අර දේශපාලකයෝ සුදු පිරුවට පොරවාගෙන සමාජය රවටමින් වජබෙනවා. අනික රටක යුද්දයක් තිබිලා නිම වෙනකොට සේවයෙන් ඉවත්වන හමුදා සාමාජිකයන් කරන්නේ කුමක්ද කියල මේ රටේ සොයා බැලීමක් වෙනවද? මේ පුද්ගලයා හිටපු කොමාන්ඩෝ සෙබලෙක්ලු. ඔවුන්ට මේ වගේ කුලියට මිනි මරණ අලුගෝසුවන් වෙන එක වලක්වලා රටට ඉදිරියට වැඩදායි පුරවැසියන් බවට පත් කිරීමට පාලකයන් වැඩ කලාද? ඔවුන් කලේ යුද්දයේ වීරත්වය තමන්ට ආරෝපණය කරගෙන දේසපාලන වාසි ගන්න ඒක නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 45 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 52 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 100 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 61 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 549 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 656 0

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site