
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීය. ජනාධිපති කාර්යාලයේදී අද මෙම හමුව පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහභාගී විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයා හදන්නේ කිසිම වැඩපිළිවෙළක් හෝ අවබෝධයක් නැතුව? අයි. එම්.එෆ් වුවමනාවට ගැහුව ගිවිසුමේ වගකීම අනිත් අය මත පටවලා ඡන්දයේදී තමන්ට සුදනා වෙන්න පුළුවන් ද කියලා බලන්නයි. හොඳ වෙලාවට ඒකට විපක්ෂයේ කවුරුන්වත් අහුවුනේ නැහැ. එතැනට එකම මෝඩයා පක්ෂය තුලවත් තමන්ට කැමැත්තක් නැති සුමන්තිරන් විතරයි.