
(යොහාන් භාසුර)
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට සහ දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකර තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධයය දක්වමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය කීපයක් අහිහිටුවීමට සිදුවිය.
දින දෙකකට ආසන්න කාලයක සිදුවෙමින් තිබූ එම නීතිවිරෝධී කටයුත්ත පිළිබඳව කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගය නොගැනීම හේතුවෙන් අද දිනයේ එම ප්‍රදේශවාසීන් සම්පූර්ණයෙන්ම එම තාප්පය කඩා ඉවත් කළ බවත් දුම්රිය දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාද වීම හා එම පිරිස වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දින පැය දෙකක පමණ කාලයක් දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත් වීමට එම දුම්රිය ස්ථානයේ සේවකයෝ පියවර ගත්හ.
පැය දෙකකට ආසන්න කාලයකින් පසුව එම අලහහානී කළ පිරිසෙන් කොටසක් කොම්පඤ්ඤ වීදීය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන හැටියට පොලීසිය යුක්තිය පස්සේ යනකොට රටේ සාමාන්‍ය නීතිය බල්ලට ගිහින් වගේ..!
ඡන්දයට පෙර රටේ ජාතිවාදී හෝ වෙනයම් ආකාරයක ගැටුමක් නිර්මානය කරන්න උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඊට පස්සේ දුටුගැමුණුලා විහාර මහ දේවියලා හා දියසෙන් කුමාරයෝ එළි බිහිවී... රැවටෙන්න එපා මිනිස්සුනේ ඕවාට... අපි කල්පනාවෙන් හා සමගියෙන් ඉඳිමු.