
(අංජුල මහික වීරරත්න)
සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන බැවින් එක් පල්ලියක් සඳහා රට ඉඳි කිලෝ විස්සක් ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් මහතා සහ දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියෙන් ඔබතුමාලට ලැබුණු ඒවා බෙදන්න මෙහෙ කවුරුත් මොකටද..? මුස්ලිම් පල්ලි වලට පමණක් බෙදා ගන්න. නැත්නම් ඔය අය කියයි සිංහල ජාතිය වනසන්න අරාබියෙන් එවාපු "වඳ රටඉඳි" කියලා...
සෞදි අරාබිය ලංකාවට පමණක් නොවෙයි. තවත් සෑහෙන රටවල්වලට මේ රමසාන් මාසයේ රටඉඳි නොමිලේ බෙදනවා. ඒ ඒ රටවල්වල සිටින මුස්ලිම් වැසියන්ට රමසාන් මාසය වෙනුවෙන්. එහෙත් ලංකාව සෞදියෙන් රටඉඳි යවන හම සැරයකින්ම වරයෙන්ම හොරකම් කරගන්නවා. රටේ ඉන්න දේශපාලුවන්. මේ සැරේත් එහෙම්මයි. ඒක දැනගෙන සෞදි අරාබිය ලංකාවට දෙන රටඉඳි ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරනවා වගේ. 2015 දී ටොන් 250 රටඉඳි නොමිලේ දෙනකොට දැන් 2024 දී ටොන් 50යි දීලා තියෙන්නේ...
අපිට කවුරු රටඉඳි දෙන්නද? සියලු ජාතීන් මනුෂ්‍යයින්ය කියන සංකල්පය සෞදියට අමතක වෙලාද?