(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ සහ ජීවිතය ගලවා ගැනීමේ කටයුතුවල නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඉවත් කරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිතව දන්වා තිබිණි.
මේ වන විට මුළු අධිවේගී මාර්ග කොට්ඨාසේම ගැලනිගම, සීදුව, කුරුඳුගහ හැතැක්ම, පින්නදූව හා සූරියවැව ආදී කඳවුරු පහක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඛ්නා ලංකා එක අල්ලගෙන කාලයක් ගෝඨාට මඩ ගහ ගහ හිටියා වගේ මතකයි.
ටෙන්ඩර් කැඳවලාද හිතුමනාපෙටද රක්නා එකට කොන්ත්‍රාත් එක බාරදීලා තියෙන්නේ...? ඕකෙ ලොක්කා නම්දරාපු කෙනෙක් නේද?
මෙතැන පොලිසියේ පිරිස් හිඟවෙලා තියෙන්නේ අධිවේගී මාර්ග සම්බන්ධ දේවල් හින්දාම නෙවෙයි, ප්‍රභූ ආරක්ෂක කටයුතුවලට අනවශ්‍ය ලෙස සැලකිය යුතු නිලධාරීන් පිරිසක් යොදාගෙන තියෙනවා. එතකොට පොලිස් ස්ථානවල රාජකාරි වලට යොදාගන්න නිලධාරීන් හිඟයි. කලින් පොලිසිය බාර අමාත්‍ය වෙලා හිටපු සරත් වීරසේකර මහතාගේ අවධානයත් මේකට යොමුවුණාට ඒ වෙනුවෙන් දෙයක් කරගන්න බැරිවුණා..
රක්නා ලංකා රජයට අනුබද්ධ රජයේ සමාගමක්.