(රංජිත් කරුණාවීර)
මහියංගණ, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට අද(11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී තිබේ.
කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම්වලට විරෝධතාව දැක්වීම හේතුවෙන්, ජාවාරම්කාර පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි සැක බව විහාරාධිපති පොල්පැල කැටියේ පඤ්ඤාරතන හිමියෝ පැවසුහ.
විහාරාධිපතිහිමිගේ පැමිණිල්ලෙන් පසු දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්ෂක නිළධාරින් එම ස්ථානයට ගොස් සිද්ධිය නිරික්ෂණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd