(කේ. බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් පිය පුතු දෙපළක එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම පවුලේ මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
සිමෙන්ති පටවාගෙන කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයෙහි ටයරයක් පුපුරා එක්වරම ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වීමෙන් යතුරු පැදියෙහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම අලුබෝදල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 44 හැවිරිදි පියා සහ 08 හැවිරිදි පිරිමි දරුවෙකි.
කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd