
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ අර්බුදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසී.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍යකරනය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමින් ඔහු කීවේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කලේ රාජපක්ෂලා නොවෙයි රාජපක්ෂලා වැල් පාලමෙන් එගොඩ කලේ ජනාධිපතිවරයා කියලා නිවැරැදි වෙන්න ඕනෑ අරගලය වෙලාවේ ජීවිතය බේරාගැනීමට ක්‍රමයක් නැතුව සිට රැවුලටත් ඡන්දේ ලැබේවි කියලා හිතන සිහින කුමාරයා උඩු රැවුලත් හදාගෙන කටත් ටිකක් ප්‍රාණවත් කර ගත්තේ ජනාධිපති රනිල් නිසා මිස වෙනත් කෙනෙක් නිසා නොවෙයි. රනිල් වැල් පාලමෙන් එගොඩ ගියාද කියලා බලන්න වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත තමයි...!
වරුන් ද හොරුන් ද…?
රාජපක්ෂවරුන්ගේ තුට්ටු දෙකේ වැඩ තමයි " අපි තමයි හොඳටම කළේ..., අපි තමයි ගොඩ දාලා දුන්නේ ' කියමින් නයා අරින එක...
ඒ රාජපක්ෂ නැද්ද? අපේ නන්ගි තාම වැලිකඩ කූරු ගනිනවා කියලා කියන්න.
රාජපක්ෂවරුන්ද රාජපක්ෂ හොරුන්ද ?දෙකේ ලොකු වෙනසක් තියනවා
අපි බලාගෙන ඉන්නේ ඕගොල්ලෝ වැල් පාලමට ගොඩවෙනකන් වැල් පාලම කපාදමන්න.