(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත.
මහ භාණ්ඩාගාරය මේ වසරේ මුල සිට එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.
එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ මුදලක් රජය වාර්ෂිකව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙයි.
රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් මේ වසරේ එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබිණ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ බස් ගමන් බලපත්‍රය තවදුරටත් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි.
පාර්ලිමේන්තුවේ බස් රථ පාවිච්චි කිරීමට වඩා එවැනි බලපත්‍රයක් ලබාදීම වාසි සහගත බව පෙනීගියේ යැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව වෙනුවෙන් මිලදී ගත් ලොකු බස් රථ දහයක් පමණ දැනට එහි පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනවා නම් සියලුම රජයේ සේවකයන්ට සමාන වරප්රසාද දෙන්න. මෙහෙම කරනවා නම් ඡන්දෙන් පාඩම් ඉගෙන ගන්න ලැබේවි.
මහ බැංකුවේ අයට දීමනා වැඩි කරගත්තු එකට විරුද්ධ වුණු පාර්ලිමේන්තුව තමන්ගේ අයට නොමිලේ ප්රවාහන ආදී දීමනා අනුමත කිරීම කොයිතරම් සාධරණීයද..? මෙසේ කරනවා නම් රාජ්ය සේවයේ අනෙක් අයටත් මේ ආකාරයෙන් නොමිලේ ප්රවාහන දීමනා ලබාදිය යුතුයි...