(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
ඔහු මෙසේද සඳහන් කළේය
අපි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. අන්තිමේදී ඔහු සිරි සඟ බෝ වගේ හිස දන් දෙන්න කටයුතු කළා. අපි ඒක බලාපොරොත්තු වුණේ නැහැ
එතුමා මොන තරම් පොත් ලිව්වත් තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැහැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයට ඉස්සෙල්ලා පොත් පෙරලුවේ තමුන්ලා නේද ලොක්කා? එහෙම පොත් පෙරල පෙරලා ඉඳපු තමුන්නැහැලා ඒවා විසිකර 2019 ගෝඨාභයගේ පොත් හොඳයි කියලා වියත්තු හා නයියන්ඩිලා එකතුවෙලා ගෝටා පොත් ඉතාමත් වටිනවා කියලා ලක්ෂ හැටනවයක් එකතුකර බලයට ගෙනා හැටි. දැන් අමතකද? ඒ නිසා තමුන්නැහැලා 2019 වරදක් කළා කියලා ජනතාවගෙන් සමාව අරගෙන දේශපාලනයෙන් සදහටම සමුගන්නවා මිස ඕවා කියලා වැඩක් නැහැ...
නිකන් බයිලා නොකියා යන්න මහත්තයා.. දහසක් බලාපොරොත්තු තියාගෙන බලයට ගෙන ආවේ ජනතාව. ඒ මිනිස්සුන්ටයි අසාධාරණය වුනේ. එයාට බෙල්ල දෙන්න වුනෙත් ඔහේලා නිසාම තමයි. හැබැයි ඔහේලාට අසාධාරණයක් කළා කියලා ගජබින්න කියවන්න එපා. ඔයාලාට හොඳට කරපු කෙරිලි, ගහපු ගැහිලි එහෙම්ම කරගෙන යන්න පුළුවන් ලොක්කෙක් දීලානේ ගියේ...
ඔයාගේ ප්‍රතිචාරයක් දැන් ගොඩක් පරක්කුයි.කාබනික පොහොර නාඩගම කරනකොට ත් එක සැරයක් කරලා බලමු කියල. නිසා තමයි රට විනාශ වෙන්නේ..
ඔහෙලගෙනුත් වැඩක් නැහැ
ඔව් අපි හිට්ලර් කෙනෙක් පත් කලේ ශ්‍රීමත් ප්‍රේමදාස නවත්තපු තැනින් පටන් ගන්න කෝ එහෙම උනේ නැහැ.
කුමන්ත්‍රණය සිදු වුණු බව සත්‍යයක්... නමුත් ඒ කුමන්ත්‍රණයට ජය ගන්නට ඉඩ දීම ඔබගේම වරදයි. හැට නවලක්ෂයක ජනවරමක් හා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් අප ඔබට ලබාදුන්නේ කුමන්ත්‍රණ වලට බිලිවී නාහෙන් අඬන්නට නොවේ. අප ඔබගෙන් පැතුවේ ප්‍රබල දක්ෂ කාර්යක්ෂම හා අදූෂිත නායකයායි. නමුත් අපට ලැබුණේ අප දුටු ආරක්ෂක ලේකම්ගේ ප්‍රථිවිරුද්ධ ප්රථිරූපකයකි. තමාගේ රට වැසියා රැක ගත නොහැකි නායකයා කුමටද? රට වැසියා තබා තමාවවත් ආරක්ෂා කරගන්නට බැරි නම් ඒ රාජ්‍ය නායකයා කුමටද? තමාගේ කාර්යාලයේ දොරටු රස්තියාදු කාරයන් පිරිසක් අවුරා ගත් කල කාර්යාලය හැර යන ජනපතියෙකු කුමටද? අවට තරු පංතියේ හෝටල් වලට භීෂණය පතුරුවා ඔවුන්ගෙන් කප්පම් ගනිමින් එසේ නොවන බවට ඒවායේ කළමනාකරුවන්ගෙන් ප්‍රකාශ නිකුත් කරවා ගන්නා විට ඔවුන්ට රැකවරණය සපයන්නට බැරි වුණු ජනපති ඔබයි. පාරක් පාරක් ගානේ සිතුවම් අඳිමින්, පුරන් කුඹුරු අස්වද්දන්නට සැරසෙමින් අභිමානවත් අනාගතයකට අප මැවු සිහින නිවට ලෙස බොඳ කළේ ඔබයි.