(සුජිත් හේවාජුලිගේ )
මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වැය කර මුදල ඊට කලින් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට දාහතරකින් පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩි වී ඇති මුදල කෝටි එක්දාස් එකසිය දහසයක් බවද සඳහන් කළේය.
මේ අනුව ආහාර පාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 5028ක්ද අනෙකුත් දෑ ආනයනයට කෝටි 4007ක්ද වැය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කාලා මේ පාර රට බංකොළොත් වුණොත් එහෙම මේ පාර කියන්නේ වික්‍රමසිංහ රට බංකලොත් කළා කියලා. හ්ම්...!
කන්නම ඉපදිච්ච ජාතියක්. 1977 JR ගේ ඇට අට කන්න ගිහිල්ලා රටම කෑවා.