(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.
පළාත් පාලන ආයතනයන්ගේ සේවකයන් ස්ථිර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය
ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පොරොන්දු වැටෙයි...
එක පැත්තකින් කියනවා විශ්‍රාම වැටුප් දෙන්න සල්ලි නෑ. ඒක ආණ්ඩුවට ලොකු බරක් කියලා... අනික් පැත්තෙන් ඡන්ද බලාගෙන ස්ථිර පත්වීම් දෙනවා.
ඔය ඡන්ද ගුණ්ඩු? වෙනත් රජයක් ආවොත් පනතක් ගෙනැවිත් මේ කට්ටියව නැවත අනියම් තත්වයට ගන්න පුළුවන්...!
ජානක වක්කුඹුර, ඔබ මොන උප්පරවැට්ටිය ගැහුවත් ආයෙත් ඡන්දෙ දිනන්න බැහැ... අඩු වශයෙන් ඔබගේ ආසනයත් පරදිනවා.
ඇත්තටම පළාත් පාලන ආයතන සඳහා ස්ථීරව සේවකයින් බඳවා ගැනීම ජනතා මුදල් නාස්තියක් වෙනවා. උදේ පෙරෙට්ටුව ලකුණු කර අදාල ආයතනයේ දේශපාලුවන්ගේ වත්තේ, පිටියේ වැඩට යනවා. සමහරක් දේශපාලුවන් මෙම කම්කරුවන්ගෙ මාසික වැටුපෙන් මුදල් ගන්නවා අත්දැකීම් අනුව කියන්නේ සාමාන්‍යයෙන් ඒවායේ කම්කරුවන් විශ්‍රාම ගන්න අවස්ථාවල විශ්‍රාම පාරිතෝශික මුදලින් පවා කප්පම් ගන්න දේශපාලුවන් හිටියා දැනුත් ඇති. ඔය ආයතන වල සිටින ඔවර්සියරලා කංකානිලා වැඩපරීක්ෂකලා කරන කිසිම වැඩක් නැහැ. සමහරක් අය ත්‍රීවීලර් පදවා ආදායම් ගන්නවා. මාසිකව වැටුප් හා දීමනා ගන්නවා ඇත්තටම මේවා ජනතා මුදල් නාස්ති කිරීමක් තමයි එ නිසා මෙම තනතුරු අහෝසි කර කොන්ත්‍රාත් පදනමෙන් සේවය ලබාගැනීම ඵලදායි කියන්න පුළුවන්...!
මේ පත්විම් සියල්ලම හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් වෙන්න ඇති රජයේ රැකියාවල් දුන්නෙ එම දිස්ත්‍රික්කයට පමණයි.
තවත් රාජ්‍ය සේවය වැඩි කරනවද? බදු ගෙවන්න ඉන්න කට්ටිය අඩුවෙනව. පින්පඩි ගන්න කට්ටිය වැඩි වෙනව....