
(අමදෝරැ අමරජීව )
මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රිකුණාමලය ධිවර වරායෙන් (කොඩ්බේ ධිවර වරාය) ගොඩ බිමට රැගෙන ආ බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ දෙවි නුවර, සිංහාසන පාරේ පදිංචි ලොරන්සු පටබැදිගේ රංගන (44) නැමැති අයයි.
මියගිය අය තවත් සිවු දෙනෙකු සමග මසුන් ඇල්ලිමට ගොස් ඇත්තේ මිට දින කිහිපයකට පෙර ත්‍රිකුණාමලය ධිවර වරායෙන් බව පොලිසිය කියයි
.දෙවිනුවර "ජුග්ගයා"නැමැති මෙම බහුදින ධිවර යාත්‍රාවේ රැකියාව කල මියගිය අයගේ මළ සිරැර එම යාත්‍රාවෙන්ම ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ත්‍රිකුණාමලය නාගරික හදිසි මරණ පරික්ෂක සුසිල් පී.ජී.හේවාවිතාරණ මහතා යාත්‍රාව තුලට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරැර ත්‍රිකුණාමලය මහා රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියම කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd