විදුලි ගාස්තු සියයට 3.3 කින් අඩු කිරීමට යෝජනා කරලා ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3.3 ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 January 2024
මිදිගම රුවන්ගේ සහෝදරිය අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනක යටතේ රඳවාගෙන විමර්ශන සිදුකරන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මිදිගම රුවන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරියක අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 January 2024
කිලිනෝච්චියේ ඇළක තරුණ මළ සිරුරු දෙකක් කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 14 January 2024
තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 14 January 2024
මේ මාසේ 15000 කට නිවාස ණය දෙයි “සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 14 January 2024
වාහන ආනයනයට නව ගැසට්ටුවක් රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 14 January 2024
සුරාබදු ගාස්තු ඉහළ දමයි සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 January 2024
කෝටි 5ක ගංජා සමඟ අයෙක් අල්ලයි කයිට්ස් නයිනතිව් දුපතේ ජාවාරම් කිරීමට සූදානමි කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කර්ය බළකාය කියයි. 14 January 2024
රනිල් ජනපතිවරණයට තරඟ කළ යුතු බව ගාලු සමුළුව සම්මත කරයි ලෝකය දිනාගෙන ලංකාව හදන්න සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පැවසීය. 14 January 2024
රබර් පටිය දරුවාට මරු කැඳවයි කලවාන පොතුපිටිය , පනාපොල ප්‍රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . 14 January 2024
‘ඇෆ්ලටොක්සින්’ ගැන ප්‍රශ්නයක් දරුවන් ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 January 2024
කිරිපිටි මිල යළිත් ඉහළට ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ දමන බවත් නව මිල ලබන සතියේ සිට කිරිපිටි පැකට්ටුවේ මුද්‍රණ කිරීම ආරම්භ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අද (14) පැවසීය. 14 January 2024
රට කොස්ස ඉදලට තහනමක් විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දුන්හ. 14 January 2024
ලක්ෂ අටක බිලී කොකු සොරාගත් දෙකක් අල්ලයි වාලචේන ධීවර වරායේ විවෘත ගබඩාවක රුපියල් ලක්ෂ 8 ට ආසන්න වටිනා බිලී කොකු සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චෙන පොලිසිය පවසයි 14 January 2024
එස්.ටී.එෆ් කොස්තාපල් අයිස් සමඟ මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු මාතර පොල්හේනේදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 14 January 2024
පනත හදන තෙක් අක්කර බදු යළිත් ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරට පමණක් අක්කර බදු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2024
නුවරඑළියේ කැරට් කිලෝවක් 1100 යි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 14 January 2024
ඔරුව පෙරැළි ධීවරයා මරුට තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයෙකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 14 January 2024
අදත් වියලි කාලගුණ තත්වයක් මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 January 2024
අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 14 January 2024
ජපන් සැහැල්ලු දුම්රිය දෙන්න පුංචි කොන්දේසියක් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 14 January 2024
හරක් කටා සමග සබඳතා පැවැත් වූ තවත් දෙකක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සමඟ දුරකතනයෙන් සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 14 January 2024
පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය. 14 January 2024
තායිවානයට නව ජනපතිවරයෙක් තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි. චීන විරෝධී, පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. 14 January 2024
ලෝක කරුමකයක් වූ ලෝක උරුමය ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති. 13 January 2024
ධීවරයා ඔරුවෙන්ම අවසන් ගමන් යයි තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 13 January 2024
සිසුවා මුහුදට බිලි හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි . 13 January 2024
දුම්රිය මගීන්ට පහසු කරන්න මහවෙන් විශේෂ බස් සේවාවක් කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව අද සිට ආරම්භ කළේය. 13 January 2024
යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සියළුම පොලිස් ස්ථාන හෙට (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය. 13 January 2024
උදව් කරන්න ඇවිත් පනින්න ගිය හිටපු සෙබළා මාට්ටු දියතලාව ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි කාන්තාවකට උදව් කරන බව අඟවා ඇගේ කාඩ් පත වෙනුවට වෙනත් කාඩ් පතක් මාරු කරදී වංචනිකව රුපියල් ලක්ෂ දෙකක මුදලක් එම කාඩ් පතින් ලබාගෙන පලා යමින් සිටි හිටපු හමුදා සෙබළකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පැවසීය . 13 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026