
(සුරංග රාජනායක)
ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහර දෙන ලදැයි කියන සිද්ධියකින් පසු දින දහයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය කළ 21 හැවිරිදි තරුණයකුගේ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී හමු වු බව ගම්පොළ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ මොහොමඩ් හසන් රාශික් නමැති තරුණයා බව කියයි.
මොහු මෙම වෙළෙඳසලේ වසර හයකට වඩා කාලයක් සේවය කර ඇති බව පැවැසේ.
මෙම තොග වෙළෙඳසලට අයත් ගබඩාවක් එම ප්‍රදේශයේම පවතින අතර මියගිය තරුණයා එම තොග වෙළෙඳසලෙන් යම් හොරකමක් කර ඇතැයි පවසා ඔහුට පහරදී තිබූ බව පොලිසිය පවසයි.
පහර දීම සඳහා වෙළෙඳසල් හිමිකරු හා ඔහුගේ පුතා හා තවත් කිහිප දෙනකු එක්ව ඇති බව අනාවරණය වී යැයිද පොලිසිය කියයි.
පහර දුන් දින සිට මෙම තරුණයා අතුරුදන්ව ඇති අතර ඊට පසු දින ඔහු නිවෙසට නොපැමිණි නිසා තරුණයාගේ මව ඒ පිළිබඳව සොයා ඇති අතර එහිදී තම පුතාට වෙළෙඳසලේදී පහර දී ඇති බව දැනගත් මව ඉකුත් 22 වැනිදා පුතුගේ අතුරුදන්වීම පොලිසියට දන්වා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරුණයා අයත් ජනයාගේම වෙළඳ සැලක් වෙන්න ඇති ඔවුන්ට මිනිස්සු මරනවා කියන්නෙ සාමාන්‍ය දෙයක් තමයි
වෙළෙඳ සැල් අයිතිකාරයයි එයාගේ ගොබ්බ පුතයි, ගහන්න හවුල් වුණු හැම කෙනාවමයි අත අඩංගුවට අරගෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.