IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිමල් සිරිපාල පාර්ශවය වැඩ පෙන්වයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා ආසන සංවිධායක පත්වීම් අද (2) පිරිනැමීය.

එම මධ්‍යම කාරක සභා රැස්වීම මරදාන ඩාලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද පැවැත්විණි.

එම හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ එම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වූ සියලුම සංවිධාකයන්ට එම පත්වීම් තහවුරු කරමින් පත්වීම් දුන් බව එම රැස්වීමෙන් පසුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මතා පැවසීය.

මෙම මාධ්‍යම කාරක සභා රැස්වීමට දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ඇතුළු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයේ සියලුම මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එම මධ්‍යම කාරක සභා රැස්වීම එම පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව එම පක්‍ක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම පක්‍ෂයේ තවත් පාර්ශවයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වෙනුවෙන් හිටපු කථානායකවරයෙක් වන තිලංග සුමතිපාල මහතා පැවසුවේ එම පාර්ශවය සමඟි ජන බලවේගය සමඟ සම්බන්ධවීමට සාකච්ඡා කරන බවයි.

 



අදහස් (6)

නිමල් සිරිපාල පාර්ශවය වැඩ පෙන්වයි

සෙනෙවිරත්න Sunday, 02 June 2024 08:42 PM

රටේ ප්‍රගතියට විශාල බාධාවක් වෙන මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳා දෙන ලෙස දේව කන්නලව්වවක් කරමු . මේ වැස්ස ගංවතුර සේරටම හේතුව ඕකයි

:       0       2

Krishan Sunday, 02 June 2024 09:29 PM

ශ්‍රීලනිප වීශාල කරදරයක් උනානේ. රටට වගේම අධිකරණයටත් හැමදාම නඩු නඩු. එක එක උසාවි වල හැමදාම කවුරු හරි නඩුවක් දාලා ඔය විකාර නවත්වලා ඔය පක්ෂය විසුරුවලා හරින්න .එතකොට රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන්

:       0       3

Marikkar Monday, 03 June 2024 07:06 AM

මේ ඊනියා ශ්‍රීලනිප කාරයන් සියලු දෙනාම හොඳින් දැනගත යුතුයි මේ කිසිවකුට රට විනාශ කළ මේ ඊනියා මෝඩයන් එපා වූ ජනතාවගේ ඡන්දයක්වත් ලබා නොගන්නා බව. මේ සියලු ස්වයං චේතනාන්විත, තුප්පහි, දූෂිත දේශපාලකයින් මාලිගා ගොඩනඟන්නේ උපකල්පන සහ පරිකල්පන මත බව සහතිකයි.

:       0       3

Lalla Monday, 03 June 2024 08:59 AM

ශ්‍රීලනිපයට අනිච්ඡාවත සංඛාරා........ ලංකාව අද මුහුණ දෙන විනාශය 1956දී ආරම්භ කල විනාශකාරී බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නිසා පටන්ගත්ත එකක්. හොඳට ක්‍රියාත්මක වූ පෞද්ගලික ආයතන ජනසතුකරනය කියල තම හිතවත් ජඩයින්ට කොල්ලකෑම සඳහා දීමේ දිගුකාලීන ප්‍රතිඵලය...සිරිමා ඒක තව ඉදිරියට ගෙන ගියා.ඇයව විවේචනය කල දවස නිවස සහ ලේක්හවුස් පුවත්පත් සමාගම් රජයට පවරාගෙන. අවසානයේ මරදාන හන්දියේ බුරියානි කඩයක්වූ බුහාරි හෝටලයත් ජනසතු කලා... මෙහෙමත් පලිගැනීමක්ක්... රටක් ඉදිරියට යයිද?

:       1       6

Kazi Shajahan Monday, 03 June 2024 09:29 AM

මොනා කරත් අන්තිමට රනිල් ගේ කරේ නගිනවා 100% ෂුවර්

:       0       7

sam Monday, 03 June 2024 01:49 PM

වැඩ පෙන්නුවේ සිරා වගේ ගොරෝ ගොරෝ නිදාගෙනද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site