(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද( 3 ) අලුයම කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මන්ත්‍රීවරයා රැගත් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු පමණක්තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරා අත්අඩංගුවට අරගෙනත් නෑ වගේ .විපක්ෂේ උනත් මන්ත්‍රීලට පොලිසිය යටයි
එතකොට 6 වෙනිදා විවාදයට මොකෑ වෙන්නෙ මහත්තයෝ
කන්ටේනර් දෙයියෝද….?
පාරේ සත්තු වගේ යන්නේ මොවුන්ගේ කෙරුමෝ... රටට කරපු කරන මගුලකුත් නැහැ. හිටිය කාලේ රටත් විනාසයි.. ඔබලා වැඩක් නැහැ. මොනවා හරි කරගෙනවත් මේ ලෝකයෙන් චුත වෙලා යන්නකෝ... අහිංසක අපට ජීවත් වෙන්න දීලා..