(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි. 

කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නොමැති බව කී ජනාධිපතිවරයා එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම්  රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.