(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු මීට සුළු මොහොතකට පෙර වාහන ධාවනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

පෙරේදා (1) දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන්  පස්වරුවේ සිට වැඩි පැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබිණි