(ලක්මි කුඩලිගම)

අයහපත් කාලගුණයෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයට කළුතර  දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාස 09ක  ප්‍රධාන හා අතුරු  මාර්ග  15 ක ගමනා ගමන කටයුතු  අද (03)  දිනයේ සිට තාවකාලිකව  සම්පුර්ණයෙන්ම නතර කර දමා  ඇතැයි  කළුතර  දිස්ත්‍රික්  ආපදා  කළමනාකරණ එකකය සඳහන් කරයි.

ඒ අනුව බුලත්සිංහල   ,මතුගම ,වළල්ලාවිට, පාලින්දනුවර ,ඉංගිරිය ,මදුරාවල, බණ්ඩාරගම, මිල්ලනිය සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසවල පහත සඳහන් පරිදි වලල්ලාවිට අවිත්තාව මාර්ගය,  අගලවත්ත, කුඩලිගම මාර්ගය,  මතුගම අලුත්ගම මාර්ගය, බදුරලිය කලවාන, බදුරළිය හැඩිගල්ල සහ බදුරලිය පැණිගල මාර්ගය,  රත්නපුර ඉංගිරිය මාර්ගය,  බුලත්සිංහල මෝල්කාව සහ  බුලත්සිංහල ඉහළ වෙල්ගම මාර්ගය,  යාල වේරවත්ත මාර්ගය,  වරකාගොඩ කලවැල්ලාව මාර්ගය,  මතුගම හොරණ අංක (458) මාර්ගය, ඇලමෝදර පරගස්තොට මාර්ගය, කොළ මැදිරිය මිල්ලනිය මාර්ගය, යන ප්‍රධාන හා අතුරු මර්ගවල රථවාහන  ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කර දමා ඇති බවත්  ජනතාවගේ පහසුව තකා දිස්ත්‍රික්  ආපදා  කළමනාකරණ  ඒකකය මගින් ප්‍රධාන 

මාර්ගවලට  අඟුල්  09 ක් බෝට්ටු  අටක් යොදවා   යුද හමුදාව ,නාවික හමුදාව  සහ ආපදා කළමනාකරණ ඒකකයේ  නිළධාරීන් ද  යොදවා ඇතැයි  කළුතර  දිස්ත්‍රික්  ආපදා  කළමනාකරණ  ඒකකයේ  සහකාර  අධ්‍යක්ෂ එම්. පී.ආර්.පී.එස්. පෙරේරා  මහතා සඳහන් කරයි.