(යොහාන් භාසුර)
අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලිස් විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම ඒකකයේ 0112421820 සහ 0112421111 යන දුරකථනවලට අමතා ආපදාවට පත්ව සිටින ජනතාවට සහන අවශ්‍යතා යොමුකළ හැකි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.