
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී අද (3) හදිසියේ ගිනිගැනීමකට ලක් වූ බව පොලීසිය පැවසීය.
හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ, පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව වහා ගින්න නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියේ මගීන් විශාල පිරිසක් ගින්න ඇති වනවිටත් දුම්රිය තුළ සිටි අතර, ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.
පොඩිමැනිකේ දුම්රිය එන්ජින් දෙකකින් සමන් විත නව දුම්රිය කට්ටලයක් වන අතර දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබියදී එක්වරම එහි පසුපස එන්ජිම මෙසේ ගින්න හටගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
හපුතලේ ලංකා කනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් හපුතලේ පොලිසිය, දුම්රිය සේවකයන් එකවී දුම්රිය එන්ජිමේ ගින්න ගිනිනිවිම් රථ යොදා ගනිමින් නිවා දැමීමට සමත් වූහ .
දුම්රිය එන්ජිම පිළිසකර කිරිමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යලි පොඩිමැනිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුම්රිය ඇංජිමත් හපුතලේ කන්ද දැකලා බඩ දනවා කියල කියනවා ඇතිනේද
ඉන්දියන් කසි කබල් .කිසිම රටකට ගන්නේ නැති කුණු ගොඩවල්
මේ දවස් වල අප කාගේත් පස්ස ගිනි අරන් තමයි තියෙන්නේ
මේක දුම්රියේ ජේවීපී වෘත්තීය සමිති කාරයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න බැරිද? එයාලා තමයි දන්නේ හරියටම ගලවන්න ඕන ඇනේ.