
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් අද (2) පත් කරගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්විය. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරිණි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු වෙනසක් සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් මහතාද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් මහතා උප සභාපති ලෙසද , ක්‍රිෂාන් තියඩෝර් මහතා නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කෙරිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි මෙතෙක් කරපු වැඩ වලට ජනතාවගේ මතය හරියට බලාගන්නකෝ
කොහොම ආවත් ඔය සෙට් එක කුචීතයි .මේ සැරෙත් බින්දුවෙන් යන්න වෙන්නේ
ඔයගොල්ලෝ මොන මැතිවරණ වලට ආවත් ස්ථිර වශයෙන්ම පරදිනවා පරදිනවාමයි. සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ වෙනත් අය කීයක් ඔයගොල්ලන්ගේ පැත්තට ආවත් නියත වශයෙන්ම ඔයගොල්ලෝ පරදිනවාමයි. දැන් තරගය සහ රැල්ල තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවර්ණයට ඉදිරිපත් උනොත් ස්ථිර වශයෙන්ම තුන්වෙනි තැනට තමයි පත්වෙන්නේ මහා මැතිවරණයක් තිබ්බත් වෙන්නේ එක්කෝ තුන්වෙනි තැන සමහර විට හතර හෝ පස්වෙනි තැන වෙන්න පුළුවන්
නියත පරාජයක යන ගමනකට අපෙන් සුභ පැතුම් .නියම සෙට් එකක් එන්නේ ,බඩුම තමයි
අලියව සරසන්නේ කුරක්කන් පාටින්ද කොළ පාටින්ද ,මොනා කෙරුවත් ප්‍රතිපලය බින්දුවයි
2024 පැවැතිවීමට ඇති ජනාධිපතිව්‍රණය නො පවත්වා වත්මන් ජනාධිපතිවරයාට ඉදිරියට වර්ෂ දෙකක කාලයක් හෝ ඊට වඩා වැඩි කාලයක් හෝ ජනධිපතිධුරයෙහි රැදී සිටීමට ලබා දිය යුතු යැයි ඇතැම් පුද්ගලයන් හා පාර්ශවයන් යෝජනා කර ඇත. මේ යෝජනා සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එයට අවකාශ තිබේ ද යන්න සොයා බැලීම වටී. ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය.” යනුවෙන් පනවා ඇත. 30 වන ව්‍යවස්‍ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ධූර කාලය නිශ්චිත ලෙසම පස් අවුරුදු කාලයකට සීමා කොට ඇත. 30 වන ව්‍යවස්ථාව සුරකිනු වස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 31(3) “ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධූරය දරන ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේ ය. “ යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. 30 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය ගැන සහ ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාවේ තවත් ව්‍යවස්ථා කීපයක් ගැන 83 ව්‍යවස්ථාවේ නිශ්චිතව මෙසේ පනවා ඇත්තේ මෙසේ ය. “82 වන
ව්‍යවස්ථවේ විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද - (අ) 1 වන, 2 වන, 3වන, 4 වන, 5 වන, 6 වන, 7 වන 8 වන 9 වන, 10 වන, 11 වන ව්‍යවස්ථාවවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකට; සහ (ආ) 30 වන ව්‍ය්වස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාවේ නැතහොත්. 62 වන ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීරඝ කිරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තු පවත්නා කාලය සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලු) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අතසන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.” 83 ව්‍යවස්ථා ප්‍රකාරව
මිස, කිසි ලෙසකින් එයට බාහිරව 30 (2) ව්‍යවස්ථාවෙන්, ජනාධිපතිවරයාගේ ධූර කාලය දික් කරීමට අවකාශ නැත.වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව යටතේ බලයට පත් වී ඇත. 40 වන ව්‍යවස්ථාව (1) වන අනුව්‍යවස්ථාවේ (අ) ඡේදයෙහි “ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපතිධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේ ය. ජනාධිපතිධූරයට අනුප්‍රාප්ත වන යම් තැනැත්තෙකු, ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය.” ව්‍යවස්ථා කර ඇත. එකී 40 වන ව්‍යව්ස්ථාව යටතේ පත් වන ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) (අ) ඡේදය මගින් ජනාධිපතිවරයෙකු වෙත පවරා ඇති බලය ක්‍රියාත්මක කිරීමට හිමිකමක් නො මැති බවට පනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකී 31 (3) අ (1) ඡේඅදය නම්:- “ මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානයනට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද ජනාධිතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් [දෙවන ධූර කාලයක් සඳහා] තමා තෝරා පත් කර
ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනා කිරීමේ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ හැක්කේ ය.” මේ සියලු කරුණු සලකා බැලීමේ දී 2019 නොවැම්බර් 16 දින සිට 2024 නොවැම්බර් 16 ට ගෝඨාභය රාජපක්ෂ (හිට්පු) ජනාධිපතිවරයාට ලබා දුන් ජනාධිපති ධූර කාලය අවසන් වේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 40 වන ව්‍යවස්ථානුකූලව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඉතිරි ධූර කාලය දරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට එකී ඉතිරි ධූර කාලය ඇවෑමෙන් එක දවසකුදු බලයේ රැදී සිටීමට හිමිකමක් නැත; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු ව්‍යවස්ථා සංශෝධනය කර ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීම සමඟ ම ඇති වන ව්‍යවස්ථාම ය ගැටළු ද විසදා ගත යුතු ය. (1). 2024.නොවැම්බර් 16 දිනයෙන් අවසන් වන වත්මන් ජනාධිපති ධූර කාලයෙන් පසු ජනාධිපතිවරණයක් කැදවීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථමය වශයෙන් ප්‍රතිපාදන නැත. (2). ඒ දිනයෙන් පසු ජනාධිපති ධූරය ද බල රහිත ය. මේ කරුණු දෙකට ප්‍රතිකර්ම සහිත, ආණ්ඩු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත, එකී පනත් කෙටුම් පතට පක්ෂව, පාර්ලිමේන්තුවේ (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලු) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වීමෙන් අනතුරුව, එම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයය ඉදිරි පත් කර, ජනමත විචාරණයේදී එය ජනතාව විසින් අනුමත නොකළහොත් ඇති වන තත්වය බරපතල ව්‍යවස්ථා අර්බුදයක් වනවා ඇත. ජනමත විචාරණයකදී ජතතාවගේ අනුමත කිරීම හෝ අනුමත නො කිරීම යන දෙකින් එකක් බලාපිරොත්තු විය යුත් ය. යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයෙන් පරාද වුවහොත් (1). 2024.නොවැම්බර් 16 දිනයෙන් අවසන් වන වත්මන් ජනාධිපති ධූර කාලයෙන් පසු ජනාධිපතිවරණයක් කැදවීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථමය වශයෙන් ප්‍රතිපාදන නොමැති බවට සහ (2). ඒ දිනයෙන් පසු ජනාධිපති ධූරය ද බල රහිත වීමෙන් ඇති කරන ව්‍යවස්ථාමය ගැටලුවට පිළියම් යෙදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බැවින් වත්මන් ජනාධිපතිවරගෙ ධූර කාලය දීර්ඝ කිරීමට ඇවැසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාලය නොමති බව පැහැදිලි ය.
ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනා කිරීමේ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ හැක්කේ ය.” මේ සියලු කරුණු සළකා බැලීමේ දී 2019 නොවැම්බර් 16 දින සිට 2024 නොවැම්බර් 16 ට ගෝඨාභය රාජපක්ෂ (හිට්පු) ජනාධිපතිවරයාට ලබා දුන් ජනාධිපති ධූර කාලය අවසන් වේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 40 වන ව්‍යවස්ථානුකූලව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඉතිරි ධූර කාලය දරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට එකී ඉතිරි ධූර කාලය ඇවෑමෙන් එක දවසකුදු බලයේ රැදී සිටීමට හිමිකමක් නැත; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු ව්‍යවස්ථා සංශෝධනය කර ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීම සමඟ ම ඇති වන ව්‍යවස්ථාම ය ගැටළු ද විසදා ගත යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත, එකී පනත් කෙටුම් පතට පක්ෂව, පාර්ලිමේන්තුවේ (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළු) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වීමෙන් අනතුරුව, එම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයය ඉදිරි පත් කර, ජනමත විචාරණයේ දී එය ජනතාව විසින් අනුමත නොකළහොත් ඇති වන තත්වය බරපතල ව්‍යවස්ථා අර්බුදයක් වනවා ඇත. ජනමත විචාරණයක දී ජතතාවගේ අනුමත කිරීම හෝ අනුමත නො කිරීම යන දෙකින් එකක් බලාපොරොත්තු විය යුතුයි