(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි එම කැබ් රථයේ රියදුරු ඇතළු සැකකරුවන් සිව් දෙනා  ලබන 30 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි  හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (16) දින නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත,  එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්, රියදුරු වන පි ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර සහ  දොන් සරත් හෙට්ටිගේ යන අය වේ.

මෙහිදී අදාල අනතුරින් මිය ගිය එක් අයකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කළ අතර අනෙක් පස් දෙනා වෙනුවෙන්ද රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබා දීමට විත්තිය එකඟත්වය පල කර ඇත.