(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මවුපියන් නොමැතිවීම නිසා කුඩා කාලයේ සිටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඇති දැඩිවූ අවුරුදු 14 ක් වයස දැරියක සිය වයෝවෘද්ධ කිරි අම්මාගේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිවෙසට පැමිණි අවස්ථාවේ එම දැරියට නිවෙසේ සුරතලයට ඇති ඇති කරන සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දුන්නේ යැයි කියන එම දැරිය ගේ කිරි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දී එම කෑම කන ලෙස පවසා අසභ්‍ය වචනයෙන් තදබල ලෙස බැණ වැදී ඇයට නිවෙසින් වහාම පිටව යන ලෙසට බැණ වැදුණු බව ද කියයි.
සිය අවුරුදු 14 ක් වයස මිනිබිරියට කෲරත්වයෙන් සැලකුවේ යැයි කියන චෝදනාව යටතේ 73 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවැසීය.
මෙම දැරියට වැඩිමල් සහෝදරයකු ද සිටින අතර ඇයට මවුපියන් ගැන කිසිම මතකයක් නොමැති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් වෙසින් ඉන්න අමු තිරිසන් මෙවැනි රාක්ෂයින්ට රජ කාලෙ දඩුවන් දීලත් මදි.
ඒ (ආච්චි ) ගෑනි හිතනවා ඇති දැරියගේ දෙමාපියන් අහිමි වුනේ දැරියගේ පව්කාරකමට කියලා