‘උත්සව සමයේ අනතුරු අවම කරගන්න‘ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 09 April 2024
තැපෑල අප්‍රේල් 12 ත් වැඩ අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 April 2024
වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස් අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි. 09 April 2024
සිරකරුවන් 779 කට ජනපති සමාව සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 09 April 2024
ශ්‍රීපාදය නැග වාර්තාවක් තබයි පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අද පස්වරුවේ සමත්විය. 09 April 2024
ප්‍රදර්ශනයකදී වු අනතුරකින් සිසුන් දෙදෙනා රෝහලේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක පැවැති ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත් කර තිබූ කුඩා මෝටර් රථයකට සමාන නිර්මාණයක් ධාවනය කිරීමට යාමේදී එය අනතුරට ලක් වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පාදුක්ක පුාදේශීය රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 09 April 2024
ආබාධිත රණවිරුවන්ට විද්‍යුත් යතුරු පැදි ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 April 2024
සිංහල අවුරුද්දට පාසල් හෙට සිට දින 14 නිවාඩු 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 09 April 2024
භාණ්ඩ නවයකට මිල පරාසයක් උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය. 09 April 2024
පමුණුව ජනතාවගෙන් පිරී ඉතිරී යයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කරති. 09 April 2024
පාස්පෝට් කන්තෝරුවේ cctv කැමරා ගබඩාවේ දිරලා ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදීගෙන ඇති සීසීවී කැමරා සවි නොකර වසර හයක් තිස්සේ ගබඩාවක විනාශ වෙමින් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 09 April 2024
ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්න කැබිනට් අනුමැතියක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
වන නිලධාරීන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට අම්පාර වන අඩවි බලප්‍රදේශයට අයත් උහන ආදල්ඔය ගම්මානයේ නීති විරෝධී මස් ජාවාරමක් වැටලීමට ගිය අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ 09 April 2024
ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබේ. 09 April 2024
ඡන්ද ඇපය වැඩි කරයි මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක් ටවර් හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාමික කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 09 April 2024
අ‘පුර ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් ප්‍රදේශයේ ස්ථාන දෙකකදී සොයාගත් බව අනුරාධපුර හා හිදෝගම පොලිසිය කියයි. 09 April 2024
ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි මෙවර අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. 09 April 2024
මෛත්‍රීපාල තායිලන්තයේ සංචාරයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 09 April 2024
රිය අනතුරින් තරුණයෙක් මරුට නොරෝච්චෝල නගරයේදී සිදුවු අනතුරකින් විදුලි කාර්මික ශීල්පි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 09 April 2024
ශ්‍රීලනිපයේ තීරණ මැකෝට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 09 April 2024
රියදුරු දස්කමින් ජිවිත 9ක් බේරෙයි නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 09 April 2024
ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි. 09 April 2024
ජන්ද නාමලේඛන සැකසීම අරඹයි මෙම2024වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය. 09 April 2024
අයි.එම්.එෆ් ගිවිසුම නීතියක් වෙයි රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 April 2024
බස්නාහිරට, සබරගමුවට සහ වයඹට අදත් වැසි බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 April 2024
‘‘මට මගේ අම්මා හොයා දෙන්න‘‘ වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය. 09 April 2024
‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අ 09 April 2024
ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියෝ 34 ක් මරුට ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 130 දෙනාගෙන් 34 දෙනකු මියගොස් ඇති බවත්, එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 09 April 2024
සූර්ය ග්‍රහණය මිලියන ගණනක් නරඹලා ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. 09 April 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026