IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දැරිය ඝාතන සැකකරු සොයන්න මහජන සහය පතයි

(ඉන්දිකා රාමනායක)

තලේමන්නාරම ප්‍රදේශයේදී  පසුගිය පෙබරවාරි මස  වයස අවුරුදු නමයයි මාස පහක් වයසැති  දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටියදී  බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී  පලා ගොස් සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි. 

තලේමන්නාරම පොලිසිය විසින්  අපරාධ  සිද්ධියට පසු දින  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර සිට ඉකුත් මාර්තු මාසේ දිනක අසනීප තත්ත්වයක් හේතුවෙන්  වවිනියාව රෝහලට ඇතුළත් කර තිබියදී. බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. 

මාස දෙකකට ආසන්න කාලයක් පුරා සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මෙලෙස මහජන සහාය පතා ඇත. 

 

ඉහත ඡායාරූපය වෙසෙන සැකකරු  ත්‍රිකුණාමලයේ කුච්චිවේලී ප්‍රදේශයේ පදිංචි  (54) හැවිරිදි  පුද්ගලයකු බවත්, ඔහුගේ වම් අතේ සහ පපුව මැද සුව වූ තුවාල කැලැල් දක්නට ලැබෙන බවත් , පපුවේ වම් පස උපන් ලපයක් දක්නට ලැබෙන බවත් පොලිස් මූලස්ථානය පවසයි, 

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්   තලේමන්නාරම පොලිස් අධිකාරී ( 0718591364), තලේ මන්නාරම ‍පොලිස් ස්ථානාධිපති (0718591370) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

 



අදහස් (2)

දැරිය ඝාතන සැකකරු සොයන්න මහජන සහය පතයි

Dharmatileke Sunday, 02 June 2024 01:06 PM

රෝගී තත්වයේ හිටියත් මාංචු දමා තැබිය යුතුයි...

:       0       7

ලසා Sunday, 02 June 2024 03:05 PM

බන්ධනාගාර නිලධාරීන් වගකිව යුතුයි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site