IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිංගඟ පිටාර ගලයි

(ජේ.කේ.එල්. චාමින්ද)

ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගිංගඟ පිටාර ගැලිම නිසා ගිංගග ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම්  ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇතිබැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) උදැසන 9.00ට වනවිට ගිංගගේ බද්දේගම ජලපාමනයේ ජල මට්ටම  මිටර් 4.22 දක්වා වැඩි වි ඇති අතර මේ වනවිට බද්දේගම ප්‍ර දේශයට සුළු ගංවතුර තත්ත්වයක්  ඇතිවි තිබේ.

එමෙන්ම ගිංගග ඉහළ නිම්නයේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද (02) මිටර් 7.44 දක්වා වැඩි වි ඇත.

ගිංගඟ ඉහත්තාවේ මහා ගංවතුර තත්ත්වයකට ආසන්න වෙමින් පවතින අතර  ගිංගග ඉහත්තාවේ මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවි ඇත.

ගිංගගේ ජල මට්ටම ද  වේගයෙන් වැඩිවෙමින් පවතින  බව වාරිමාර්ග දේපාර්තමෙන්තුව පවසයි

ඉකුත් පැය විසිහතර තුල ගිංගග ඉහල නිම්නයට මිලිමිටර්  234.8ක වර්ෂාපතයක් ලැබි ඇති අතර පහළ නිම්නයට මිලිමිටර්  92.5ක වාර්ෂාපතනයක් ලැබි ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 

හිනිදුම නෙළුව මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවි ඇති අතර මේ නිසා වාහන ගමනා ගමනයට ද බදා එල්ලවි ඇත.

 ආපදාතත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසිම සදහා  නෙළුව හා තවලම යන ප්‍ර දෙශවල ස්ථාන හතරක නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ කණ්ඩායම් හතරක් යොදවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන පවසයි.

ගංවතුරෙන්  විපතට පත් ජනතාව බේරාගැනිම සදහා  එම ප්‍ර දේශවලට බෝට්ටු හතරක් යොදවා ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවත් ඉමදුවත් අතර කොටසේ අධිවේගී මාර්ගයට පහතින් දිවෙන උමං මාර්ග හතරක් ජලයෙන් යටවි  ඇත.

මේ හේතුවෙන් මෙම උමං මාර්ග හරහා ගමන් කරන ජනතාවට සහ රථවාහන වල ගමනා ගමන කටයුතු සදහා බාදා එල්ලවි  තිබේ.

 

 

 



අදහස් (1)

ගිංගඟ පිටාර ගලයි

බනානා සුජී Sunday, 02 June 2024 04:29 PM

මගේ නම ගහපු කෙසෙල් ගෙඩි මේ ගේනවෝ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site