(යොහාන් භාසුර සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහක සහ අංධ්‍යාපන කලාපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල රජයේ සියලුම පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලුම රජයේ පාසල් හෙට දිනයේ වසා තබන බවත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

-----------------------------------------

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික්යේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (4) දින වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය කියයි.

ගාල්ල සහ මාතර දිසාවල ඇතැම් ස්ථානවලට තවමත් ගංවතුර අවදානමක් සහ කඳුනාය යාමේ අවදානම් සහිත නිසා මෙම තීරණය ගෙන ඇත.