(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොට්ටාව අතුරුගිරිය පාරේ මෙන්ඩිස් වංගුව අසලදී තීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 42 හා 54 පසුවන හික්කඩුව හා හපුතලයේ පදිංචිකරුවන්ය.

අතුරුගිරිය දෙස සිට පැමිණි තීරෝද රථය රියැදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර තීරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි