(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධික ශබ්දයක් නගන සයිලන්සරයක් සවිකරගෙන අධික වේගයෙන් ධාවනය කළ  බව කියන යතුරුපැදියක් හඹා ගොස් එම යතුරු පැදිය පවත්වා ගැනීමේ අරමුණින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියයි.  

පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය කිලෝමීටර් දහයක් පමණ දුර ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් වෙඩි ප්‍රහාර මැද්දේ යතුරු පැදිය නොනවත්වා ධාවනය කරගෙන ගිය බව කියන දහනම හැවිරිදි තරුණයා එම යතුරු පැදිය ද රැගෙන පසුව සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාර වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයා ගේ එක් පාදයක වල්ලුකරට වෙඩි වැදීමෙන් තුවාලයක් සිදුවී ඇති බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පොලිස් ස්ථානයට පැමිණ භාර වූ මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ප්‍රතාකාර සඳහා රෝහල් ගත කර ඇත.