(එස්. හේරත්)

මාදම්පේ සෙම්බුකට්ටිය හේන් යාය  ප්‍රදේශයේ දී  ඥාති පුත්‍රයා විසින් සිය මාමාට කඩුවකින් කොටා මරා  ඇතැයි මාදම්පේ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නරසිංහ කේසර බණ්ඩාරනායක සැම්සන් ජයවීර නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.

මරණකරුගේ නැගණියගේ පුතෙකු විසින් මෙම මරණය සිදුකර ඇති අතර සැකකරු ද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි වී සිටින අයකු බවද  පොලිසිය පවසයි.

පරණ ආරවුලක් මුල්කරගෙන මරණකරු හා සැකකරු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසු සැකකරු විසින් කඩුවකින් මරණකරුට කොටා ඇති බව පොලිසිය පවසයි.