(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 14 තෙක් යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද(3) නියෝග කළාය.
පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ අතර වැඩිදුර විභාගය වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන බවට දන්වා සිටීමෙන් පසුව අතිරේක දිසා විනිසුරු වරිය ඉදිරියේ නඩුව කැඳවීය .
එම අවස්ථාවේදී වග උත්තරකාර සරත් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීමට කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියායා.
ඒ අනුව විරෝධතා ගොනු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුල් සුත්තර කාරයින්ටත් වරදිනවා එහෙනම් .
නොතේරුම් කමට අහන්නේ මෙයත් නීතිය සම්බන්ධ විශාරදයෙක් නේද? එහෙම නම් මෙහෙම දේවල් වෙන්නේ කොහොමද?